Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුරු හිඟය අවම කිරීමට නව වැඩපිළිවෙලක්  

Add comments

ගුරු හිඟය අවම කිරීම සඳහා නව වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

විෂයන් කිහිපයක් සඳහා ගුරු පුරප්පාඩු තිස් පන්දහසක් පමණ පවතින බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ විද්‍යා හා ගණිත විෂයන් ප‍්‍රාථමික සහ තාක්ෂණවේදී විෂය ධාරාවන්ට.

ඉංගී‍්‍රසි, සෞන්දර්ය ඇතුලු කලා විෂයන් කිහිපයක ගුරුවරුන් අතිරික්තයක් ද පවතින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

එම අතිරික්ත ගුරුවරුන් ගුරු හිඟ පවතින පාසල් වලට යොමු කරවීමට කටයුතු කරන බව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම් එම් රත්නායක මහතා සඳහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG