
කලුතර ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. අද පස්වරු පහ දක්වා එය කි‍්‍රයාත්මක බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප‍්‍රකාශ කළේ.
කලුතර කෙත්හේන ජල පවිත‍්‍රාගාරයට විදුලිය සැපයෙන රැහැන් මාර්ගයේ අත්‍යාවශ්‍ය අලුත්වැඩියාවක් සිදුකිරීමයි ඊට හේතුව. වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කලුතර උතුර හා දකුණ, කටුකුරුන්ද සහ නාගොඩ ප‍්‍රදේශ ඊට ඇතුලත්. පයාගල, පිලමිනාවත්ත,මග්ගොන, බේරුවල සහ කලුවාමෝදර ප‍්‍රදේශ වලට ද ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ. මොරගල්ල, අලුත්ගම, බෙන්තොට සහ දර්ගානගරය ප‍්‍රදේශ වලට පස්වරු පහ දක්වා ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
Post a Comment