Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විද්‍යුත් හැදුනුම්පතට ඡායාරූප ගැනීම පළමුදා සිට රටපුරා  

Add comments

නව විද්‍යුත් ජාතික හැදුනුම්පතට අවශ්‍ය ඡායාරූප ගැනීම ලබන අඟහරුවාදා (01) සිට දීපව්‍යප්තව ආරම්භ කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. නියමු වැඩසටහන බස්නාහිර සහ සබරගමු පලාත්වල සාර්ථකව ක‍්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව ජාතික හැදුනුම්පත සදහා ඡායාරූප තුනක් ලබාදීම අවශ්‍ය නොවන බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සදහන් කළේ. ඡායාරූප ලබාගැනීමට අයකරන ගාස්තුව රුපියල් 150ක්. දීර්ඝකාලීනව නව විද්‍යුත් හැදුනුම්පත භාවිත කළ හැකි බවයි වියානි ගුණතිලක මහතා පෙන්වා දුන්නේ.

මේවන විට දිවයින පුරා ඡායාරූපාගාර 2100 ක් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර ඇති බවයි වියානි ගුණතිලක මහතා ප‍්‍රකාශ කළේ. නව හැදුනුම්පත නිකුත් කිරීමෙන් පැරණි හැදුනුම්පත් අවලංගු නොවන අතර, ඒවා තවදුරටත් භාවිත කළ හැකි බව කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළා. ජාත්‍යන්තර ක‍්‍රමවේදයකට අනුව සකස් කෙරෙන නව විද්‍යුත් ජාතික හැදුනුම්පත සදහා ඇගිලි සලකුණු ඇතුලත් කෙරෙනවා. නව හැදුනුම්පත වසර විස්සක් භාවිත කළ හැකි ආකාරයෙන් සකස් කරන බවයි වියානි ගුණතිලක මහතා පෙන්වා දෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG