
ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව මහා බ්‍රිතාන්‍ය රජය පවසනවා.
ශ්‍රී ලංකාව තුළ ජාතික මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය හා ජාත්‍යන්තර සංවිධානවලට අවශ්‍ය සහාය ලබා දෙන බවයි මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා පවසන්නේ.
ශ්‍රී ලංකාවේ විවිධ ජන වර්ග අතර සාමය හා සංහිඳියාව වැඩිදියුණු කරමින් සමෘද්ධිමත් රටක් නිර්මාණය කිරීමේ ගමන සඳහා මහා බ්‍රිතාන්‍ය සෑම විටම සහාය දැක්වීමට සූදානම් බවයි ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
මහා බ්‍රිතාන්‍යයෙන් මෙරට සිසු සිසුවියන් වෙනුවෙන් ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව ද දිනෙන් දින වර්ධනය වෙමින් පවතින බව මහකොමසාරිස්වරයා පෙන්වා දෙනවා.
මහා බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ නිපුණතා පූර්ණ සිසු සිසුවියන් රැසක් තමන්ට මුණ ගැසී ඇති බව ද ජේම්ස් ඩෝරිස් මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.
Post a Comment