
මාවනැල්ල ප‍්‍රදේශයේ බුදු පිළිම කිහිපයකට පහරදිමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළා. ඔවුන් ලබන බදාදා (02) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මාවනැල්ල මහේස්ත‍්‍රාත් ශිරන්ත බණ්ඩාර මහතා නියෝග කළේ.
හත්වන සැකකරු ද අද (28) අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි ඔවුන් අධිකරණයට ඉදිිරිපත් කර තිබෙන්නේ. සැකකරුවන් හත් දෙනාගේ බැංකු ගිණුම් ද පරික්ෂා කර වාර්තාවක් ඉදිිරිපත් කරන ලෙස ද මහේස්ත‍්‍රාත්වරයා නියම කර තිබෙනවා.
Post a Comment