Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජල ගැල්ම‍ෙන් විපතට පත්වූවන්ට සහන මුදල් ඉදිරි දින තුන තුළදී ගෙවීමට උපදෙස්  

Add comments

උතුරේ ජල ගැල්මෙන් විපතට පත්වූවන් සඳහා ලබා දෙන මූල්‍යාධාර ඉදිරි දින තුන තුළදී ගෙවා අවසන් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේ.

කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්වල ඇති වූ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළ පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  කිලිනොච්චියට ගොස් සොයා බැලුවා. විපතට පත්වූවන් සඳහා අග්‍රාමාත්‍යවරයා මෙහිදී භාණ්ඩ ප්‍රදානයක් ද සිදුකළා. සහන සැලසීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා  දීර්ඝ ලෙස සාකච්ඡා කළා. මැතිඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්‍ෂක ප්‍රධානීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG