
බංග්ලාදේශයේ මහමැතිවරණය අද ආරම්භ වුණා.
මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සදහා මිලියන සියයක පමණ ඡන්ද දායකයින් පිරිසක් සුදුසුකම් ලබා සිටිනවා. දැඩි ආරක්ෂාවක් මධ්‍යයයේ ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යාමටයි කටයුතු යොදා ඇත්තේ. බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා තෙවන ධුර කාලය සදහා මෙවර ඉදිරිපත්ව සිටිනවා. මැතිවරණයේ ආරක්ෂාව තහවුරුදු කරමින් අධිවේගී අන්තර්ජාල පහසුකම් අත් හිටුවීමටත් , රැස්වීම් නවතා දැමීමටත් නියෝග ලබා දී තිබෙනවා. ෂීක් හසීනා මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ඇති බවටයි මත පල වන්නේ.
Post a Comment