
යතුරුපැදි භාවිත කරමින් රන්මාල සොරකමේ යෙදුණු පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බණ්ඩාරගම , කිදෙල්පිටිය ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වුණා. ඔවුන්ගෙන් කළ ප්‍රශ්නකිරීම් වලින් අනතුරුව කළුතර ප්‍රදේශයේ දී තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. සැකකරුවන් සතුව තිබී රන් මාල 12 ක් සොයා ගැණුනා. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් පමණ වනවා. මෙම පුද්ගලයන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට සදහා රන්මාල කොල්ලකෑමේ නිරතවී ඇති බව පානදුර දකුණු පොලීසිය සදහන් කරනවා. සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Post a Comment