Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාලගුණයේ වෙනසක් – යාන්ඔය වාන් දොරටු පෙරවරුවේ විවෘත කෙරේ  

Add comments

යාන්ඔය ජලාශයේ වාන් දොරටු පෙරවරුවේ විවෘත කරන බව වාරි මාර්ග ඉංජිනේරුවන් ප‍්‍රකාශ කළා. ජලාශයේ ජල ධාරිතාව උපරිම මට්ටමට ළඟාවී තිබෙනවා.

ඊට ආසන්නයේ පිහිටි හුරුලුවැව ජලාශය ද වාන් දමමින් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ප‍්‍රකාශ කළේ.

මේ අතර දැනට පවතින වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප‍්‍රදේශවල සවස් කාලයේ හෝ රාති‍්‍ර කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා මුහුදු ප‍්‍රදේශවල සුළඟේ වේගය ද විටින් විට ඉහළ යාහැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වාදනේනේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG