
ඇමරිකාවේ ගෞරවාන්විතම කාන්තාව බවට පත්වීමට හිටපු ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා සමත් වුණා.
ඒ මෙතෙක් එම ධුරය රැකගත් හිලරි ක්ලින්ටන් වසර 17 කට පසුව පරාජයට පත් කරමින්. ගෞරවාන්විත කාන්තාව සහ පුරුෂයා තේරීමේ ඡන්ද විමසීම ආරම්භ වුණේ 1946 වසරේ දී. 1976 දී පමණක් තරඟය නොපැවැත්වුණු බවයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කළේ. මිෂෙල් ඔබාමාට හිමිවු ඡන්ද ප‍්‍රතිශතය සියයට පහලොවක්.
ජනපි‍්‍රය මාධ්‍යවේදිනියක වන ඔප්රා වින්ෆරේ සියයට පහක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. වසර 17 ක් ගෞරවාන්විත කාන්තාව බවට පත්වූ හිලරි ක්ලින්ටන් මෙවර තුන්වන ස්ථානයට පත්වුණේ සියයට හතරක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගනිමින්. ඇමරිකාවේ වඩාත් ගෞරවාන්විත පුරුෂයා බවට පත්වීමට බැරැක් ඔබාමාට යළි හැකිවුණා. ඩොනල්ඩ් ට‍්‍රම්ප් දෙවන ස්ථානයට පත්ව ඇති බවයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කළේ.
Post a Comment