
නත්තල් උත්සව සමය නිමිත්තෙන් විශේෂ බස් සේවා ක‍්‍රියාත්මක කර තිබෙනවා. පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොලේ සිට පිට පලාත් සදහා මෙන්ම, පිට පලාත්වල සිට කොළඹ දක්වාත් අතිරේක බස් රථ යොදවා ඇති බවයි ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ප‍්‍රකාශ කළේ.
උත්සව සමය අවසන් වනතුරුම එම සේවාව ක‍්‍රියාත්මක කිරිමටයි සැලසුම් කර ඇත්තේ. ශ‍්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල දෛනික ආදායම ද වාර්තා සහගත ලෙස ඉහල ගොස් ඇති බවයි එම මණ්ඩලයේ ධාවන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ආර් ටී සී චන්ද්‍රසිරි මහතා සදහන් කළේ.
Post a Comment