
උතුරේ ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතිනවා. එහෙත් අවතැන්වූවන්ට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩවම සිදු කෙරෙනවා. මේ වන විට සුබසාධක කදවුරුවල සිටින සංඛ්‍යාව අඩුවෙමින් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. මේ අතර පස්වරු දෙකෙන් පසුව තවදුරටත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අයහපත් කාලගුණයෙන් උතුරු ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වුණා. වැඩිම පිරිසක් අවතැන්වුණේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේයි. කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්වල ගංවතුර බැස යමින් පවතින බව එහි සිටින අප වාර්තාකරුවන් පවසනවා. එහෙත් ජලයෙන් යට වූ ප්‍රදේශවල ජනතාව තවදුරටත් සුබසාධක මධ්‍යස්ථානවල රැදී සිටිනවා. ඔවුන්ට පිසූ ආහාර හා සෙසු පහසුකම් සැලසීමට රජය උපරිමයෙන් පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව සහන කටයුතු සදහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
මේ අතර පනස් හත් වන සේනාංකය යටතේ පාලනය වන පන්සිය හැත්තෑ තුන බලසේනා මූලස්ථානය යටතේ රාජකාරි ඉටු කරන 15 වන සිංහ රෙජිමේන්තුව මගින් සිවිල් වැසියන් දෙදෙනෙකුගේ ජීවිත බේරා ගත්තා. ඒ වඩ්ඩකච්චි ග්‍රාමයේ ගංවතුරට ගසාගෙන යමින් සිටි සිවිල් වැසියන් දෙදෙනෙකුයි. ඔවුන්ගේ සොහොයුරා ඒ වෙනුවෙන් යුද හමුදාවට මෙසේ සිය කෘතඥතාව පළ කළා.
“මාගේ සොහොයුරන් දෙදෙනා ගංවතුරට ගසාගෙන යන අවස්ථාවේ ඔවුන් බේරා ගැනීම සදහා ගම්වාසීන්ගෙන් උදව් ඉල්ලුවා. එහෙත් ඔවුන් බේරා ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වූයේ නැහැ. මම ළගම තිබූ යුද හමුදා කදවුර වන සිංහ රෙජිමේන්තුව වෙත ගොස් ඔවුන් බේරා දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ යුද හමුදා සාමාජිකයින් මීටර් හත්සියයක් පමණ ගංවතුරේ ගසාගෙන ගොස් සිටි මාගේ සොහොයුරන් දෙදෙනා බේරා දුන්නා. මාගේ හද පිරි ස්තූතිය යුද හමුදාව වෙත ප්‍රකාශ කිරීමට කැමතියි.”
Post a Comment