Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සහන දුම්රිය හෙට ගමන් ඇරඹීමට නියමිතයි  

Add comments

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට සහන රැගෙන විශේෂ දුම්රියක් හෙට කොළඹ කොටුවෙන් ගමන් ඇරඹීමට නියමිතයි.

පසුගිය දිනවල ඇද හැලුණ ධාරානිපාත වර්ෂාවත් සමග වව්නියාව, කිලිනොච්චිය, මුලතිව් හා යාපනය ප්‍රදේශවල විශාල පිරිසක් අවතැන් වුණා. ඔවුන්ට දැනට සලසන සහන වැඩපිළිවෙළට සහාය දක්වමිනුයි මෙම විශේෂ දුම්රිය කිලිනොච්චිය බලා ධාවනය කිරීමට කටයුතු යොදා ඇත්තේ. ජනවාරි පළමු වනදා පෙරවරු 6.30ට කොළඹ කොටුවෙන් ගමන් අරඹන එම දුම්රියට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා සනීපාරක්‍ෂක ද්‍රව්‍ය ඇතුලු උපකරණ භාර දිය හැකියි. රාගම, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, කුරුණෑගල, ගනේවත්ත, මහව, ගල්ගමුව හා අනුරාධපුරය යන දුම්රිය ස්ථානවලදී ජනතාවට තම ආධාර මේ සඳහා ලබා දීමට පහසුකම් සලසා තිබෙනවා. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා ජනාධිපති ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා.

ඉන්දික රුවන් පතිරණ – කැදවුම්කරු – සුරකිමු දුම්රිය ව්‍යාපාරය,

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG