Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුත්තලම නගර සභාවේ නඩත්තු අංශයේ ගින්නක්  

Add comments

පුත්තලම නගර සභාවේ නඩත්තු අංශයේ ගබඩාවේ ඇතිවූ  ගින්නකින් එය මුළුමනින්ම විනාශ වී තිබෙනවා.

පෙරවරු 10.00 ට පමණ මෙම ගින්න හටගත් බවයි නගර සභා සේවකයින් පවසන්නේ. මෙම ගබඩාවේ ඉන්ධන සහ තවත් ද්‍රව්‍ය ගබඩා කර තිබුණා. ගින්නෙන් ඒ සියල්ලම විනාශ වී තිබෙනවා. නගර සභා සේවකයින්, පුත්තලම පොලිසියේ නිලධාරීන්  පුත්තලම  තම්බපන්නි නාවික හමුදා ගිනි නිවන අංශයේ , පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ යුද හමුදාවේ නිලධාරීන් එක්ව ගින්න නිවා දමා තිබෙනවා.  පුත්තලම නගර සභා මාසික රැස්වීම ද අද දිනයේ පැවැත්වුණා. එහි සිටි නාගරික මන්ත්‍රිවරුන්ද ගින්න නිවා දැමීමට එක්ව සිටියා. විදුලි කාන්දුවකින් මෙම ගින්න හටගන්නට ඇති බවට විශ්වාස කරන බවයි පුත්තලම නගරාධිපති කේ ඒ බායිස් මහතා සදහන් කරන්නේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG