Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උඩවලවට එන සංචාරකයින්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට  

Add comments

උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ ආශ්‍රිතව වෙළෙදසැල් පවත්වාගෙන යන පිරිස් පවසන්නේ ඔවුන්ගේ ආර්ථිකයට යහපත් කාලයක් උදා වී ඇති බවයි.

උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට විශාල වශයෙන් දෙස් විදෙස් සංචාරකයින් පැමිණීමත් සමඟ දිනක ආදායම රුපියල් ලක්ෂ විස්ස ඉක්මවා තිබෙනවා. උඩවලව ජාතික වනෝද්‍යාන භාරකාර ඩී ඩී සමරනායක මහතා පවසන්නේ සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් උපරිමයෙන් සලසා ඇති බවයි. සංචාරකයින් වැඩි වශයෙන් ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණීමත් සමඟ සෆාරි ජිප් රථ හිමියන්ගේ ආදායම්ද ඉහළ ගොස් තිබෙනවා.

වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින් පරිසරයට ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරිම හේතුවෙන් පරිසර දූෂණයක්ද සිදුවෙමින් පවතිනවා. වන සතුන් එම අපද්‍රව්‍ය ආහාරයට ගැනීමේ අවදානමක්ද පවතින බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් මේ පිළිබද විශේෂ අවධානය යොමු කර අපද්‍රව්‍ය පරිසරයට මුදා නොහරින ලෙස උඩවලව වනෝද්‍යාන බලධාරීන් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටිනවා. වනෝද්‍යානයේ සතුන් දඩයම් කරන ජාවාරම්කරුවන් පිළිබද තොරතුරු වාර්තා වී ඇති අතර ඒ පිළිබද 1992 අංකයට දැනුම් දිය හැකියි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG