Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෝලීය මූල්‍ය ආරක්ෂණය ශක්තිමත් කිරීමට ලෝක නායකයන් එකඟවෙයි  

Add comments

ගෝලීය මූල්‍ය ආරක්ෂණ ජාලය තවදුරටත් ශක්තිමත් කිරීමට ලෝක මූල්‍ය අරමුදල සහතිකවී තිබෙනවා. ඒ ආජන්ටිනාවේ පැවැත්වෙන ජී 20 සමුළුව අතරතුරදී.

ලෝකයේ ප‍්‍රබල ආර්ථිකයන් හිමි රටවල් 19 ක නියෝජිතයන් මෙන්ම යුරෝපා සංගම් නියෝජිතයන් ද ඊට එක්ව සිටිනවා. ජාත්‍යන්තර වෙළෙදාම, ආයෝජන ප‍්‍රවර්ධනය, එලදායීත්වය, නවෝත්පාදන, රැකියා නිර්මාණය යන අංශ ඔස්සේ සාකච්ඡා පුළුල්ව පැවැත්වුණු බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. වර්තමාන වෙළෙද ගැටලු ද සැලකිල්ලට ගනිමින් ශක්තිමත් තිරසර සමබර සහ පරිපූර්ණ වර්ධනයක් ළඟාකර ගැනීමට සියලු රටවල ප‍්‍රතිපත්ති යළි සලකා බැලිය යුතු බව ද එහිදී අවධාරණය කර තිබෙනවා. රටවල් අතර අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරිම වැදගත් බවයි එහිදී ලෝක නායකයන් ප‍්‍රකාශ කර තිබෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG