
කතානායක කරූ ජයසුරිය මහතා පක්ෂග්‍රාහී හැසිරිම පිලිබද විරෝධය පල කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ පැවැත්වෙනවා. ජනතා පරමාධිපත්‍යය තහවුරු කරමින් කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව ද ජනතාව අවධාරනය කරනවා. මේ අතර කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් මහජන අත්සන් ලබා ගැනිමේ වැඩසටහන්ද ක්‍රියාත්මකයි.
අනුරාධපුරය ශ්‍රාවස්තීපුර මන්සන්දියේදී උද්ඝෝෂණයක් පැවැත්වුනා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. හිටපු පලාත් අමාත්‍ය එච් බී සේමසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුනා. කඩිනම් මහ මැතිවරණයක් පවත්වන ලෙසයි උද්ඝෝෂකයින් ඉල්ලා සිටින්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ,
ජනතා මතයට ගරු කරමින් කඩිනමින් මහමැතිවරනයක් පවත්වන ලෙස ඉල්ලමින් කලවාන නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උදඝෝෂණයට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඇතුළු පිරිසක්ද එක්වුණා.
ජනතා පරමාධිපත්‍ය සුරකමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා අත්සන් දස ලක්ෂයක් ලබා ගැනිමේ වැඩසටහනේ තවත් අදියරක් අවිස්සාවෙල්ලේදී පැවැත්වුනා. ඒ හිටපු නියෝජ්‍ය කතානායක ගිතාංජන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රදේශයේ විශාල පිරිසක් ඊට සහය පළ කළා.
ගීතාංජන ගුණවර්ධන – හිටපු නියෝජ්‍ය කතානායක,
Post a Comment