
කිසිවෙකුගේ හව්හරණක් නැතිව මහ මග දමා ගොස් සිටි පියෙකුට පිළිසරණක් වීමට බලපිටිය ප්‍රදේශයේ පිරිසක් කටයුතු කළා.
බලපිටිය, අඳාදොළ ප්‍රදේශයේ මහමග දමා ගොස් සිටි මෙම පියා දැඩි ලෙස රෝගාතුරව සිටි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් ඔහු පොල්වත්ත රජයේ රෝහල වෙත ඇතුළත් කෙරුණේ සුවසැරිය ගිලන් රථයක ආධාරයෙන්. ප්‍රදේශවාසීන් මේ පිළිබද පොලිසිය දැනුවත් කිරීමට ද කටයුතු කළා. මෙම වයෝවෘද්ධ පියා ගාල්ල පෝද්දල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවයි පැවසෙන්නේ.
Post a Comment