
කරන්දෙණිය බොරකන්ද ප්‍රදේශයේ වීදි සංචාරය කෙරුණු පෙරහැරක අලියෙකු කුලප්පුවී එල්ලකළ ප්‍රහාරයකින් ඇත් ගොව්වෙකු ජීවිතක්ෂයට පත්වුණා.
කරන්දෙණිය ප්‍රදේශයේ විහාරස්ථානයක දේවාලයක් මගින් සංවිධාන කර තිබු මෙම පෙරහැරට අලි ඇතුන් 12 දෙනෙකු සහභාගී කරවා තිබෙනවා. ඊයේ රාත්‍රීයේ පෙරහැර වීදි සංචාරය කෙරුණු අතර අලියා කුලප්පු වීම හේතුවෙන් මහත් නොසන්සුන්තාවක් ඇතිවුණා. අලියා එල්ලකළ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ ඇත් ගොව්වා ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පැය 4ක පමණ මෙහෙයුමකින් පසු අලියා මෙල්ල කිරීමට හැකිව තිබෙනවා.
Post a Comment