Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි  

Add comments

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැදපළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.මධ්‍යම, සබරගමුවසහ බස්නාහිර පළාත්වලත් යාපනය සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම්ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමකතදවැසිද ඇතිවියහැක.මධ්‍යම, සබරගමුවසහ බස්නාහිර පළාත්වලත් සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මඩකළපුව සිට ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වනමුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයකවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහාකොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වනමුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ.දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිටනැගෙනහිර දක්වා දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 15-30 පමණ වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG