Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දූෂණ, වංචා වලින් තොර වැඩ කරන වර්ෂයක් බවට නව වසර පත්කර ගත යුතු බව ජනපති පවසයි  

Add comments

2019 වසර දූෂණ සහ වංචාවලින් තොරව වැඩකරන වර්ෂයක් බවට පත්කර ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දළදා වහන්සේ වැදපුදාගෙන ආගමික වතාවත්වල නිරතවුණා. අනතුරුව ජනාධිපතිතුමා මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා පිළිසදරක නිරත වුණා. උන්වහන්සේ එහිදී සෙත් පිරිත් සඡ්ඣායනා කරමින් ජනාධිපතිතුමා වෙත උදාවන නව වසර වෙනුවෙන් ආශිර්වාද පළකලා. අස්ගිරි මහනාහිමියන් විදෙස් ගතව වැඩසිටින බැවින් අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා අස්ගිරි අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමියන් බැහැදැක කෙටි පිළිසදරක නිරතවුණා. උන්වහන්සේ ද සෙත් පිරිත් සඡ්ඣායනා කොට උදාවන නව වසර වෙනුවෙන් ආශිර්වාද පළකලා. අස්ගිරි ගෙඩිගේ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන නව දානශාලාවේ සහ පුරාවිද්‍යා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක්වුණා.

මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන රාමඤ්ඤ මහා නිකායේ මහ නායක පූජ්‍ය නාපාන පේමසිරි නායක ස්වාමීන් වහන්සේගේ සුවදුක් විමසීමට ද ජනාධිපතිතුමා කටයුතු කළා. මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, හිටපු අමාත්‍ය එස් බී දිසානායක යන මහත්වරුන්ද ජනාධිපතිතුමා සමග මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG