Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුහුරු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ජනවාරි 01 දා සිට රට පුරා ක්‍රියාත්මකයි  

Add comments

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් 2019 ජනවාරි 01 දා සිට මුළු දිවයිනටම සුහුරු ජාතික හැඳුනුම්පත් (Smart National Identity Card) නිකුත් කිරීමට පියවරගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

මෙම සුහුරු හැඳුනුම්පත් අත්හදා බැලීමේ පදනම මත දෙසැම්බර් 17 දා සිට බස්නාහිර සහ සබරගමුව පළාත් වල පමණක් නිකුත් කිරීම අරඹනු ලැබීය. එය සාර්ථක වූ බැවින් ජනවාරි 1 දා සිට මුළු දිවයිනේම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ගුණතිලක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම නව ක්‍රමය යටතේ ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම් කිරීමේදී , අයදුම්පතේ අයදුම්කරුගේ ඡායාරූපය ඇලවීම අවශ්‍ය නොවේ. මේ සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති ඡායාරූප හල් වලින් පමණක් ඡායාරූප ගත යුතුය.එහිදී ගනු ලබන ඡායාරූප අයදුම්කරුට නොලැබෙන අතර ඡායාරූප ශාලා විසින් එය online (විද්‍යුත් තැපෑල) මගින් දෙපාර්තමේන්තුවට යවනු ලැබේ. ඡායාරූපයේ මුද්‍රිත පිටපතක් ඡායාරූප ශාලාව විසින් ලබාදෙන රිසිට් පතේ අලවනු ලබන අතර එම රිසිට් පත අයදුම්කරු විසින් තම ඉල්ලුම් පත්‍රය සමඟ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවෙත බාරදිය යුතුය.

සුහුරු ජාතික හැඳුනුම්පත් වලට ඡායාරූප ගැනීම සඳහා දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා පිහිටි ඡායාරූප ශාලා 2100ක් දැනට ලියාපදිංචි කොට තිබේ. ඔවුන්ට ඒවා දෙපාර්තමේන්තුව වෙත යැවීම සඳහා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නිර්නායකයන්ට අනුව සැකසූ විශේෂ මෘදුකාංගයක් ලබා දී ඇති බව ගුණතිලක මහතා කීය.

මෙම නව ක්‍රමය මගින් ජාතික හැඳුනුම්පත් සඳහා විකෘති කළ හෝ වැරදි ඡායාරූප ඇතුළත් කිරීම වැනි අයථා ක්‍රියා නතරවෙනු ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළේය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG