දැඩි අභියෝග හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරමින් රජය ගෙන යන වැඩපිළිවෙළ දෙස ද්වේශයෙන් තොරව සත් භාවයෙන් යුතුව බැලිය යුතු බව රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය ඊතල වැටුණු වැවේ ඤාණතිලක ස්වාමීන් වහන්සේ පවසනවා.
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ නව හරිත ගොඩනැගිල්ලට මුල් ගල තැබීමේ උත්සවයට අද පෙරවරුවේ එක් වෙමිනුයි උන් වහන්සේ මේ බව කියා සිටියේ. සෞභාග්‍ය යේ දැක්ම ජාතික ප්‍රතිපත්තිය යටතේ තාක්ෂණය පුළුල් කිරීමේ වැඩපිළිවෙළ අනුව ඉදිවන නව පීඨ ගොඩනැගිල්ල නව පර්යේෂණ සදහා යොදා ගැනෙනවා.
ඉදිකිරීම් සදහා රුපියල් ලක්ෂ පනස් දහසක මුදලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීමෙන් වෙන් කර තිබෙනවා. උතුරු මැද මහ ඇල ඉදිකිරීම, වැව් 1400 ක් ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු රජරට ප්‍ර දේශවල සංවර්ධනය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ඉටු වූ මෙහෙය ද කුලපති හිමියන්ගේ ඇගයීමට ලක් වුණා.
මෙම අවස්ථාවට මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණ වැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ, විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සහ රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද කරුණාරත්න යන මහත්වරුන් ඇතුලු ගිහි පැවිදි පිරිසක් එක්ව සිටියා.
The post අභියෝග මැද්දේ ජනජීවිතය සුරක්ෂිත කරන රජය දිහා සද්භාවයෙන් බලන්න – ඊතලවැටුණු වැවේ හිමි appeared first on ITN News.
Post a Comment