Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලබන වසරේ සිට ඉහළම තාක්ෂණය සහිත ජාතික හැඳුනුම්පතක්  

Add comments

ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණය සහිත ජාතික හැදුනුම්පතක් ලබන වසරේ දී ජනතාවට ලබා දෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මේ අතර එස් එල් රෙමිට් හරහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඇමරිකා ඩොලර් බිලියන දෙකක් රටට අලුතින් ගෙන ඒමට බලාපොරොත්තු වෙන බවයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ.

මුදල් භාවිතයෙන් කෙරෙන ගණුදෙනු ඩිජිටල් තාක්ෂණික කිව් ආර් කේත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට අදාළ ලංකා කිව් ආර් සේවාව ජනගත කිරීම අද සිදු කෙරුණා. එහි සමාරම්භය පැවැත්වුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේදියි. එකම අංකයක් ඔස්සේ හැදුනුම්පත , උප්පැන්න සහතිකය , මරණ සහතිකය ලබාදෙන යුගය වැඩි ඈතක නොවන බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරුන් වන කංචන විජේසේකර , ඩි වි චානක යන මහත්වරුන් ද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙන්ම මහ බැංකුවේ ඉහළ නිලධාරින් පිරිසක් ද එක්ව සිටියා.

 

The post ලබන වසරේ සිට ඉහළම තාක්ෂණය සහිත ජාතික හැඳුනුම්පතක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG