Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොවිඩ් සමයේ ලැබුණ සහයට කොළඹ නැව් තටාංගන ප්‍රධානීන්ගෙන් අගමැතිට පැසසුම්  

Add comments

කොවිඩ් සමයේ නෞකා දෙකක් නිපදවමින් රටට විදේශ විනිමය ලබාදීමට ලැබුණු සහය සම්බන්ධයෙන් කොළඹ නැව් තටාකාංගන සමාගම අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රසාදය පළ කළා.

කොළඹ නැව් තටාකාංගන සමාගමේ සභාපති හිදෙකි ටනකා මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. ඒ අරලියගහ මන්දිරයේ දී යි. ඇමරිකා ඩොලර් මිලියන 35 ක ආදායමක් හිමි වූ නෞකා දෙකක් නිපදවීමට කොළඹ නැව් තටාකාංගන සමාගමට හැකි වුණා. එම නෞකා ලබන හතර වනදා ඉරාක රජයට භාරදීමට නියමිතයි.

නෞකා අලුත්වැඩියාව සදහා ප්‍රා දේශීය ශාඛාවක් ලබන දෙවනදා ත්‍රිකුණාමලය වරාය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඩී බි අබේසිංහ මහතා මෙහිදී පැවසුවා. ප්‍රංශයේ ඔරේන්ජ් මැරින් සමාගම වෙනුවෙන් අධි තාක්ෂණික නෞකාවක් දැනට නිපදවමින් තිබෙනවා. ඒ කොළඹ නැව් තටාකාංගනයේ ඉදිවන දෙවන විශාලතම නෞකාවයි.

එය ඇමරිකා ඩොලර් මිලියන 45 ක ආයෝජනයක්. නෝර්වේ රාජ්‍ය වෙනුවෙන් ද පරිසර හිතකාමි නෞකා හයක් නිපදවමින් තිබෙනවා. එම නෞකා භාර දෙන අවස්ථාවට එක් වන්නැයි අග්‍රාමාත්‍යවරයා වෙත ආරාධනා කිරීම ද මෙහිදී සිදු කෙරුණා. ත්‍රිකුණාමලය හා හම්බන්තොට ප්‍රා දේශීය ශාඛා ඔස්සේ තවත් රැකියා අවස්ථා ලබා දීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් ද කළා. සමාගමේ සභාපතිවරයා වෙත අග්‍රාමාත්‍යවරයා සමරු තිලිණයක් ද පිළිගැන්වුවා.

 

The post කොවිඩ් සමයේ ලැබුණ සහයට කොළඹ නැව් තටාංගන ප්‍රධානීන්ගෙන් අගමැතිට පැසසුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG