Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාවික හමුදාව විසින් අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි  

Add comments

හෘදයාබාධයක් වැළදුණු ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව පියවර ගත්තා.

පසුගිය 27 වෙනිදා ගාලු ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ශාන් පුතු දෙක නැමැති බහුදින ධීවර යාත‍්‍රාවේ සිටි ධීවරයෙකුට මෙලෙස හෘදයාබාධයක් වැළදී තිබෙනවා. ධීවර දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම්දීමට අනුව ක්ෂණිකව කි‍්‍රයාත්මකවූ නාවික හමුදාව දකුණු නාවික විදානය අයත් වේග ප‍්‍රහාරක යාත‍්‍රාවකින් රෝගියා රැගෙන ඒමට කටයුතු කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ. මේ වනවිට ඔහු හම්බන්තොට මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG