
බූන්දල ඌරනිය වංගුවේදී වන්දනා බස් රථයක් පෙරළී විසිදෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.
කළුතර පනාකඩු කන්දේ සිට කතරගම වන්දනාවේ ගිය බස් රථයකුයි මෙලෙස අනතුරට ලක් වුණේ. තුවාල ලැබූවන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර සිටිනවා. ඌරනිය වැව අසල ඇති මෙම වංගුව ඉතා අනතුරුදායක බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. බස් රථය තුළ හතළිස් පස් දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කිරීම හේතුවෙන් ජීවිත බේරා ගැනීමට හැකිව තිබෙනවා.
Post a Comment