
මෙක්සිකෝවෝ පුවෙබ්ලා ප්‍රාන්තයේ දී සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් එම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය මාර්තා එරිකා මියගියා. ඇය ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේ මීට සති දෙකකට පෙරයි.
සෙනෙට් සභිකයෙකු වන ඇයගේ ස්වාමිපුරුෂයා ද මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණා. හෙලිකොප්ටර් යානය ගුවන් ගතකර සුලු වේලාවකට පසු අනතුර සිදුව තිබෙනවා. එම යානයේ සිටි නියමුවන් දෙදෙනා සහ තවත් අයෙකු ද අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම අනතුරට හේතුව මෙතෙක් හෙළිවී නැහැ.
Post a Comment