Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොවපුරා කිතුණු බැතිමතුන් මහත් හරසරින් නත්තල සමරයි  

Add comments

ජේසු බිළිඳානන්ගේ උපත සැමරෙන අසිරිමත් නත්තල දෙව්මැදුරු තුළින් නැගෙන සීනු නාද මධ්‍යයේ ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදාවුණා. ලෝවාසී කිතුණු බැතිමතුන් සමග නත්තල සැමරීමට ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන් ද එක්ව සිටිනවා.

කිතුනු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ  මධ්‍යම රාත්‍රියෙන් උදාවුණා. නතාලේ යන ලතින් වචනයෙන් විකාශනය වී ඇති නත්තල යන වචනයේ අරුත වන්නේ උපත යන්නයි. දේව පුත්‍රයානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මිනිසත්බව ගෙන මරියතුමියගේ මාතෘත්වයෙන් බෙත්ලෙහෙමේ දුගී ගවහලක උපන් ඒ අසිරිමත් රාත්‍රිය නත්තල ලෙස කිතුනුවන්ගේ ආදරයටත්, ගෞරවයටත් පාත්‍රවී තිබෙනවා. සුරලොවත් මනුලොවත් යාකළ සාමයේ කුමරුවන් වන ජේසු සමිඳුන්ගේ උපත සිහිකරන විශ්ව මංගල්‍යය වන නත්තල තුළ ප්‍රේමය, සාමය, සතුට, බෙදාගැනීම, පරිත්‍යාගය, අන්‍යෝන්‍ය අවබෝධය මෙන්ම නිහතමානී බවත් ආගමික සහජීවනය පිළිබඳ පණිවිඩයත් ගැබ්ව තිබෙනවා.

නත්තල වෙනුවෙන් ප්‍රධාන දේවමෙහෙය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පයාගල මීසමේ උතුරු පයාගල ශාන්ත ජෝෂප් දේවස්ථානයේදී පැවැත්වුණා.  බැතිමතුන් අති විශාල පිරිසක ප්‍රධාන දේවමෙහෙයට එක්ව සිටියා. ආගම දහම පිළිබද දරුවන් තුළ ඇති අවබෝධය පුළුල් කර සමාජයට උසස් මෙහෙයවරක් ඉටු කරන පුද්ගලයකු බවට දරුවා පත් කිරීම සිදු කළ යුතු බව මැල්කම් රංජිත් හිමිපාණන් මෙහිදී ප්‍රකාශ කළා.

මීගමුව කුරන ශාන්ත ආනා දේවස්ථානයේදී කතෝලික දේව මෙහෙය අද උදෑසන පැවැත්වුණා. මැක්ස්වෙල් සිල්වා රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනුයි දේව මෙහෙය පැවැත්වුණේ. කතෝලික බැතිමතුන් විශාල පිරිසක් ඊට එක්ව සිටියා.

බොරැල්ල ශාන්ත ලූත් දේවස්ථානයේදී දේව මෙහෙය පැවැත්වුණේ නිරෝෂන්ද මෙල් පියතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රිස්තියානි දේවමෙහෙය ඊයේ මධ්‍යම රාත්‍රියේදී පැවැත්වුණු අතර එමහ දේව මෙහෙයටද විශාල පිරිසක් සහභාගී වුණා.

නත්තල් උදාව වෙනුවෙන් රාගම තේවත්ත ජාතික බැසිලිකාවේ නත්තල් දේවමෙහෙය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. මීසම් පාලක  වික්ටර් අයිවන් පියතුමාගේ ප්‍රධානත්වයෙනුයි දේව මෙහෙය පැවැත්වුණේ.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාව ජූඩ් රාජ් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG