
කොළඹ නවම් මාවත ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක විදුලි සෝපානය කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 24 ක් වන තලංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අනෙක් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සදහන් කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීථිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
Post a Comment