Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරේ සහන කටයුතුවලට ත්‍රිවිධ හමුදාව තවදුරටත්  

Add comments

කාලගුණය හේතුවෙන් ආපදාවට පත් උතුරේ වැසියන්ට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩවම සිදු කෙරෙනවා. ත්‍රිවිධ හමුදාවද ඒ සදහා දිගින් දිගටම සිය දායකත්වය සපයමින් සිටිනවා.

ආපදා පහව ගිය ද අවතැන්වූවන්ට සහන සැලසීමේ කටයුතු මෙන්ම ප්‍රදේශයේ ළිං පිරිසිදු කිරීම ඇතුලු සුබසාධන කටයුතු සදහා ද ඔවුන් දායකත්වය සපයනවා. අධික වර්ෂාවත් සමග උදයාර්කට්ටු වැවේ පිටවානෙහි ඉදිරි කොටසේ එක් පැත්තක කොන්ක්‍රීට් බැම්ම කැඩී හානියට පත්වුණා. ජල පහරට ලක් වී පස සෝදා යාමෙන් පිටවානට වන හානිය නවතාලීම සඳහා යුද හමුදාව දායක වුණා. මෙම පිළිසකර කටයුතු සිදු කළේ 68 වන සේනාංක මූලස්ථානයේ උපදෙස් පරිදි 683 වන බල සේනා මූලස්ථානයේ අධීක්‍ෂණය යටතේ 7 වන ගැමුණු හේවා බලඇණියයි.

කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්වල අඩාල වූ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට උරදෙමින් සිටින නාවික හමුදාවද ළිං පිරිසිදු කිරීමට දායකත්වය සපයනවා. නාවික හමුදා ජංගම ප්‍රතිආශ්‍රැත යන්ත්‍ර මගින් ළිං 58 ක් මේ වන විට පිරිසිදු කර දී තිබෙනවා. ඊට අමතරව පානීය ජල ලීටර් තුන්දහසක් පමණ ජනතාවට බෙදාහැරීමට නාවික හමුදාව දායකත්වය සැපයූවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG