
හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ උප නායකවරයෙකු හා මහ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ ගාමිණී අතුකෝරළ මහතාගේ 17 වන ගුණ සමරුව අදට(01) යෙදී තිබෙනවා.
1977 වසරේ පැවති මහ මැතිවරණයෙන් නිවිතිගල ආසනය ජය ගනිමින් ගාමිණී අතුකෝරළ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ එවකට ලාබාලම මන්ත්‍රීවරයා ලෙසිනි. ඉන් අනතුරුව ක්‍රියාකාරී දේශපාලනය තුළ දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ ගාමිණී අතුකෝරළ මහතා අමාත්‍යධූර ගණනාවක් දරමින් ජනතා සේවයට කැප විය.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට ඒ මහතා පත්වුයේ 1995 වසරේදීයි. 2001 වසරේදි එක්සත් ජාතික පක්ෂ උප නායක ධූරයට පත් වූ ඒ මහතා ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටියේ රුවන්පුරයේ ඇත් රජු ලෙසින්. දැවැන්ත ජනතා මෙහෙයක් ඉටු කළ ඒ මහතා 2002 වසරේ ජනවාරි පළමුවනදා දිවියෙන් සමුගත්තේ කිසිවෙකුත් බලපොරොත්තු නොවූ අයුරිනි. ගාමිණී අතුකෝරළ මහතාගේ 17 වන ගුණ සමරුව පනාවැන්න නිවසේදී පැවැත්වුණේ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. සුමදුර දහම් දෙසුමක් හා මහා සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක් ද පැවැත්විණ.
Post a Comment