
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ෆර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ඇප මත මුදා හැරුනා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියයි නියෝගය නිකුත් කළේ.
මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් මොවුන් රක්ෂිත බන්ධනාගාරගතව සිටියා. අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පළිසේන යන අය මුදා හැරුනේ එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් මුදල් ඇප සහ රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප හතරක් මතයි. ඇපකරුවන් ළගම ඥාතීන් විය යුතු බවටද මහේස්ත්‍රාත්වරිය අවධාරණය කළා. සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිය යුතු බවටද නියෝග කළා.
මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු තවමත් අත්අඩංගුවට නොගැනීම නඩු කටයුතුවලට බාධාවක් වන බැවින් සහ සැකකරුවන් දෙදෙනාගේ දරුවන්ගේ අසනීප තත්ත්වයන් සළකා බලමිනුයි ඔවුන්ට ඇප නියම කෙරුනේ.
Post a Comment