Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කලාකරුවන් සදහා දිවයින පුරා කලා ගම්මාන 25 ක්  

Add comments

නිවාස නොමැති කලාකරුවන් සදහා දිවයිනපුරා කලාගම්මාන විසිපහක් ලබන සැප්තැම්බර් මාසය වන විට ආරම්භ කරන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු  අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සිනමා රංගන ශිල්පිණියක වන අනුෂා සොනාලි ද සිල්වා මහත්මියට නව නිවසක් පිරිනැමීම වෙනුවෙන් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. මොරටුව අගුලාන සයුරුපුර නිවාස ව්‍යාපෘතිය යටතේ ඇයට එම නිවස ලබා දී තිබෙනවා. එහි වටිනාකම රුපියල් ලක්ෂ තිහක් පමණ වන බවයි අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. මාංශපේෂීවල ක්‍රියාකාරීත්වය දුර්වලවීමේ ම්යෝපති නම් දුර්ලබ රෝගී තත්ත්වයකින් අනුෂා සොනාලි ද සිල්වා මහත්මිය මේ වන විට පීඩා විදිනවා. වසරේ නැගී එන හොදම නිලිය ලෙස 1995 වසරේ දී සරසවි සම්මානයට පාත්‍ර වූ ඇය වීසි දැළ, හඩන කිංකිනි, ලොකු දුව, භව සසර , ගිනිගත් හෝරාව, දරු උපත සහ සුන්දර වරද යන චිත්‍රපටවල රංගනයෙන් දායක වී තිබෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG