Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රැකියාව අහිමි වූ ජනසවිය භාරකාර අරමුදලේ සේවකයන්ට කඩිනමින් නිසි සහන  

Add comments

රැකියාව අහිමි වූ ජනසවිය භාරකාර අරමුදලේ සේවකයන්ට කඩිනමින් නිසි සහන ලබාදෙන බව කම්කරු වෘත්තීය සමිති සබදතා සහ සමාජ සවිබල ගැන්වීම පිළිබද අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා.

රැකියා අහිමි වූ මානව සම්පත් සංවර්ධකයින්ගේ ජාතික සංවිධානයේ පැවති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. 1991 දී ජන සවිය භාරකාර අරමුදල ආරම්භ කළා. එහිදී බදවාගත් මානව සම්පත් සංවර්ධකයින් සංඛ්‍යාව 1540 ක්. මේ වනවිට රැකියා අහිමි වූ ජාතික සංවිධානයට එක්ව සිටින පිරිස 405 ක්. 1994 වර්ෂයේ බලය ට පත් ජනසවිය ව්‍යාපාරය සමෘද්ධි ව්‍යාපාරය බවට පත් කරමින් මෙම රැකියා අහිමි කළ බවයි අමාත්‍ය දයා ගමගේ මහතා සදහන් කරන්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG