
ඇෆ්ගන් ජාතිකයන් සිය රටට ඇතුලු කරගැනීමේදී දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බව පාකිස්ථානය ප‍්‍රකාශ කළා. ඒ අනුව දීර්ඝ කාලීනව වීසා ලබාදීමේ ක‍්‍රමවේදය අහෝසි කර තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ පිහිටි පාකිස්ථාන දූත මණ්ඩලයෙන් වීසා බලපත‍්‍ර අයදුම් කළයුතු බවයි පාකිස්ථානය පවසන්නේ. ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් පාලනය කිරීම මෙහි අරමුණයි. ව්‍යාපාරික කටයුතු සඳහා පැමිණෙන ඇෆ්ගන් ජාතිකයන්ගේ ගමනා ගමනය සීමා කර තිබෙනවා. වීසා අයදුම් කිරීමෙන් පසු එම පුද්ගලයන්ගේ තොරතුරු තහවුරු කරගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත යොමුකරන බවයි පාකිස්ථාන බලධාරීන් ප‍්‍රකාශ කළේ.
Post a Comment