Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පසුගිය සතිය තුළ තායිලන්තයේ සිදු වූ මාර්ග අනතුරුවලින් 463ක් ජීවිතක්ෂයට  

Add comments

නව වසර උදාවූ පසුගිය සතියක කාලය පුරා තායිලන්තයේ සිදු වූ මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 463 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව  තිබෙනවා.

දෙසැම්බර් 27 වනදා සිට ඊයේ (02) දින දක්වා තායිලන්ත බලධාරීන් සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි මේ බව සොයාගෙන ඇත්තේ. අනතුර හේතුවෙන් 4000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. මෙය පසුගිය වසරට වඩා වැඩි තත්ත්වයක් පෙන්නුම් කරන බවයි එරට බලධාරින් සදහන් කරන්නේ.

තායිලන්තයේ ආපදා වැළැක්වීමේ දෙපාර්තමේන්තුව සදහන් කළේ නව වසර උදා වූ දිනයේ පමණක් පුද්ගලයින් 89 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 700 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි. ඔවුන් නව අවුරුදු උදාව සිදුවන සතිය සාමාන්‍යායෙන් හදුන්වනේ අනතුරු දායක දින 07 ලෙසයි. මේ අනතුරුවලට මූලික හේතුව මත්ද්‍රව්‍ය භාවිතා කරමින් වාහන ධාවනය කිරීම බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG