Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන තුනකට නව සභාපතිවරුන්  

Add comments

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන තුනක් සදහා සභාපතිවරුන් පත් කර තිබෙනවා.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන තුනක් සදහා මෙසේ නව සභාපතිවරුන් පත් කෙරුණා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතායි මෙම පත්කිරීම් සිදු කර ඇත්තේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය එච්.එම්.එම්. රූමි මහතා පත් කර තිබෙනවා. එම සංස්ථාවේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබෙන්නේ මහරගම අපේක්ෂා රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය විල්ෆ්‍රඩ් කුමාරසිරි මහතායි.  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් මහාචාර්ය අසිත ද සිල්වා මහතා පත් කර තිබෙනවා. දුම්කොල හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපතිවරයා වශයෙන් වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත් කෙරුණා.  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කෙරුණේ ආචාර්ය කුමාර ද සිල්වා මහතායි.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG