Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොලඹ සැහැල්ලු දුම්රිය සංක‍්‍රමණ පද්ධතියක් ස්ථාපනයට ජපානයෙන් සහාය  

Add comments

කොලඹ සැහැල්ලු දුම්රිය සංක‍්‍රමණ පද්ධතියක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියට ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයෙන් මුල්‍ය සහාය හිමිව තිබෙනවා.

අවශ්‍ය ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමට සහ ණය ගිවිසුමකට එළඹීම සදහා අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතියද හිමිවුණා. ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන්නේ කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශයන් හි පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීමේ අරමුණෙන්. ව්‍යාපෘතිය යටතේ කොළඹ කොටුව බහුමාදිලි ප‍්‍රවාහන මධ්‍යස්ථානයේ සිට මාලඹේ ඩිපෝව දක්වා දුම්රිය ස්ථාන 16කින් සහ කිලෝමීටර 17 ක දිගින් යුත් සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරීමයි සැලැස්ම වී තිබෙන්නේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG