
කතරගම කිරි වෙහෙර රජමහා විහාරාධිපති පුජ්‍යකොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ ලබන 16 වනදා දක්වා. තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ.
වෙඩි ප‍්‍රහාරයට ලක්වූ නාහිමියන්ගේ සිරුරෙන් ගලා ගිය රුධිර සාම්පල පිලිබද රස පරික්ෂක වාර්තාවක් සහ ඩී එන් ඒ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මෙහිදී දැනුම් දී තිබෙන්නේ. කිරි වෙභෙර රජමහා විහාරාධිපති නාහිමියන් වෙඩි ප‍්‍රහාරයට ලක්වුණේ පසුගිය වසරේ ජුනි මාසයේදී.
Post a Comment