
වැලිකඩ බන්ධනාගාරයේ රැදවූවන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රන්ජන් ළමාහේවා මහතා ලබන 8 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතායි නියෝගය ලබා දුන්නේ. සැකකරු ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා ඔහු විසින් අභියාචනාධිකරණයේ ප්‍රතිශෝධන පෙත්සමක් ද ගොනු කර තිබෙනවා. මේ පිළිබද විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා මේ වන විට ඇප මත නිදහස්ව සිටිනවා.
Post a Comment