Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ නව තේ කර්මාන්ත ශාලාව ජනපති අතින් විවෘත කෙරේ  

Add comments

මුල්ලේරියාව, අඹතලේ ප‍්‍රදේශයේ ස්ථාපිත කරන ලද මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ නව තේ කර්මාන්ත ශාලාව අද (29) පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

රුපියල් බිලියන 02 ක මුදලක් ආයෝජනය කරමින් ඉදිකර තිබෙන ලොව දියුණුම තාක්ෂණයෙන් සැදුම්ලත් මෙම නවීනතම තේ කර්මාන්ත ශාලාව, පරිගණකගත නවීන ගබඩා සංකීර්ණය සහ නව්‍යතාවයෙන් යුත් කාර්යාල සංකීර්ණයකින් සමන්විත අතර, යාන්ත‍්‍රානුසාරයෙන් තේ සැකසීම, ඇසුරුම් නිෂ්පාදනය කිරීම ඇතුළු නව තාක්ෂණික හැකියාවන් රැසකින් අනූනය.

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතිය ප‍්‍රධාන වශයෙන් තේ අපනයනය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් කි‍්‍රයාත්මකවන අතර මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ තේ නිෂ්පාදන සමාගම් සඳහා උසස් මට්ටමේ තේ කුඩු ඇසුරුම්කරදීමට ද අපේකෂා කරයි.

සමරු ඵලකය නිරාවරණය කර කර්මාන්ත ශාලාව විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

මැක්සීම්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG