
යුද හමුදාව සතුව තිබූ තවත් ඉඩම් ප්‍රමාණයක් යළි ජනතා අයිතියට පත් කෙරුණා.
මන්නාරම ප්‍රදේශයේ යුද හමුදාව පරිහරණය කළ ඉඩම් අක්කර 5ක ප්‍රමාණයකුයි මෙසේ ආපසු භාරදුන්නේ. 54 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් සෙනරත් බණ්ඩාර 61 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයම්පති තිලකරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මන්නාරම දිස්ත්‍රික් ලේකම් සී ඒ මොහාන්දාස් මහතා වෙත මෙම ඉඩම්වල ලිපි ලේඛණ භාරදීම සිදු කෙරුණා. ඒ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි.
Post a Comment