Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙනිසියුලා විපක්ෂනායකවරයාට තහනම් නියෝගයක්  

Add comments

වෙනිසියුලා විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝට රටින් පිටවීම තහනම් කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

වෙනිසියුලාවේ නීතිපතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ ජුවාන් ග්වයිඩෝ තමන් වැඩ බලන ජනාධිපතිවරයා ලෙස සිදුකළ ප්‍රකාශය හේතුවෙනුයි. එමෙන්ම නීතිපතිවරයා ජුවාන් ග්වයිඩෝගේ බැංකු ගිණුම් අත්හිටුවීම සදහා කටයුතු කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා. කෙසේ වෙතත් ඔහු ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් කිහිපයක්ම එකගතාව පළ කළා. රුසියාව ඇතුළු රටවල් කිහිපයක් වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝගේ රජයට සහාය පළ කරනවා. වෙනිසියුලා විපක්ෂ නායකවරයා පසුගියදා තමන් එරට වැඩබලන ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු වෙනිසියුලාවේ දේශපාලන අර්බුදය උත්සන්න වුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG