
ශ්‍රී ලංකාවේ පිහිටීම හා මානව සම්පත රට දියුණු කිරීමට තීරණාත්මක සාධකයක් බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ 60 වන වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
(ශ්‍රී ලංකාවට වටිනාකම් දෙකක් තියෙනවා. එකක් තමයි රටේ පිහිටීම. අනිත් එක අපට තියෙන මානව සම්පත. මානව සම්පත වෙනුවෙන් අපි ගොඩක් ආයෝජනය කරන්න ඕනේ. අපේ දේශපාලන අරමුණු වෙනුවෙන් මානව සම්පත යොදා ගත්තොත් ඒක හැම කෙනෙකුටම බරපතල විදියට බලපාන්න පුළුවන්. පසුගිය දශක කිහිපයේම අපි මානව සම්පත නොසළකා හරිමින් කටයුතු කළ නිසා රටේ වර්තමානයේ මෙවැනි තත්ත්වයක් උදා වෙලා තියෙනවා.)
ශ්‍රී ලංකා ජාතික වානිජ මණ්ඩලයේ නව සභාපති අසේල ලිවේරා මහතා පිළිගැනීම මෙන්ම පසුගිය වසරේ මෙම මණ්ඩලයෙන් ඉටු වූ කාර්යභාරය පිළිබද දැනුවත් කිරීමද සිදු කෙරුණා. කතානායක කරූ ජයසූරිය මහතා ද මෙහිදී අදහස් දැක්වුවා.
(ජාතික වානිජ මණ්ඩලයේ අදහස් රජයට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ යෝජනා රටට ගොඩක් වැදගත්. පසුගිය දවස්වල ඇති වූ දේශපාලන අර්බුදවලදී මේ මණ්ඩලයෙන් ලොකු සහායක් ලැබුණා. ඉන්දියාව, චීනය වගේ රටවල නගර කිහිපයකම විශාල ජනගහනයක් සිටින බව අපි දන්නවා. ඒ නිසා ඒ නගර පාලනය වෙන්නේ ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් හෝ කතානායකවරයෙක්ගෙන් නොවෙයි. නගරාධිපතිවරයෙක්ගෙන්. ඇත්තටම හොද පාලනයක් ඒ වගේ තියෙනවා. මගේ අදහස හොද කණ්ඩායමක් අතට පාලනය ගියොත් ඕනෑම තැනක් දියුණු කරන්න පුළුවන්.)
Post a Comment