Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දැව නිෂ්පාදනය සදහා වන වගා කිරිමට සැලසුම්  

Add comments

දැව නිෂ්පාදනය සදහා අලුතෙන් වන වගා කිරිමට සැලසුම් කර තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ දැව අවශ්‍යතාව වාර්ෂිකව සීග‍්‍ර ලෙස ඉහල යාමයි ඊට හේතුව.

ඒ අනුව වන වගා ස්ථාපිත කිරිම සදහා හෙක්ටාර පන්සියයක පමණ ඉඩම් හදුනාගෙන තිබෙනවා. ඒ වව්නියාව , කිලිනොච්චි , මුලතිව් සහ මන්නාරම දිස්ත‍්‍රික්වල. ව්‍යාපෘතිය ඔස්සේ දැව ඉල්ලුම සපුරාලීමට අමතරව ප‍්‍රාදේශීය වශයෙන් නව රැකියා අවස්ථා ලබාදීමට හැකිවීම ද විශේෂත්වයක්. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා ව්‍යාපෘතියට අදාලව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG