Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උත්තරදේවි පෙරවරුවේ ගමන් අරඹයි  

Add comments

නව බලවේඟ කට්ටල සහිත උත්තරදේවි දුම්රිය පෙරවරු 11.50ට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිතව තිබෙනවා.

ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ආනයනය කළ නව බලවේග කට්ටලය මැදිරි 6කින් සමන්විත ය.වායු සමනය කළ පළමු පන්තියේ මැදිරියක් මෙන්ම වායු සමනය කළ දෙවන පන්තියේ මැදිරියක් ද ඊට ඇතුළත් ය.

සුඛෝපභෝගී ආසනවලින් සමන්විත එම දුම්රියේ ගමන් ගන්නා මගීන්ට ජී.පී.එස්. තාක්‍ෂණය ඔස්සේ සිය ගමනාන්තය පිළිබඳ සියලු විස්තර ලබා ගත හැකි ය.මෙහි ගමන් කළ හැකි මගීන්ගේ සංඛ්‍යාව 724කි.

දුම්රිය කොළඹ සිට කන්කසන්තුරය දක්වා ධාවනයට යොදවා තිබෙනවා. එහි පරික්ෂන ගමන් වාර දෙකක් මීට පෙර පැවැත්වුණා. දුම්රිය ජනතා අයිතියට පත්කළේ පසුගිය ඉරිදායි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG