
ඇල්ල දෙමෝදර ආරුක්කු නවය පාලම අසලදී එල්ල වූ ඹබර ප්‍රහාරයෙන් දෙමෝදර රෝහලට ඇතුළත් කළ විසිදෙදෙනාගෙන් එක් අයෙකු බදුල්ල මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.
ඇය විදේශීය කාන්තාවක බවයි අප වාර්තාකරු පවසන්නේ. ඹබර ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර විදේශ සංචාරකයන් දාහත් දෙනෙකු සහ දේශීය සංචාරකයන් පස් දෙනෙකු සිටිනවා. ආරුක්කු නවය පාලම යට බැද ඇති ඹබර වද ඇවිස්සීම නිරන්තරයෙන්ම සිදුවනවා. ඒ හේතුවෙන් පාලම නැරඹීමට එන සංචාරකයන්ද ඹබර ප්‍රහාරවලට ලක් වනවා. මෙම ස්ථානයේ පවතින අධික සුළං තත්ත්වය ඇතැම් සංචාරකයන් ඩ්‍රෝන යානා පියාසර කරවීම සහ ගල් ගැසීම හේතුවෙනුත් මෙම තත්ත්වය ඇති වන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. නිරන්තරයෙන් සංචාරකයින් ගැවසෙන ආරුක්කු නවය පාලමෙහි ඹබර වද ඉවත් කිරීමේ අවශ්‍යතාවද ඔවුන් පෙන්වා දෙනවා.
Post a Comment