
වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මදුරෝගේ පාලනයට එරෙහිව ඇමෙරිකාව නව පියවරක් ගෙන තිබෙනවා.
වෙනිසියුලාවේ රාජ්‍ය තෙල් සමාගමට එරෙහිව ඇමෙරිකාව සම්බාධක පැනවීමට කටයුතු යොදා තිබෙනවා. ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් කියා සිටියේ ජනාධිපති මධුරෝගේ හෝ ඔහුගේ නිලධාරීන්ට වෙනිසියුලා ජනතාවට අයිති වත්කම් සූරාගෙන කෑමට තවත් ඉඩ නොදෙන බවයි. මෙම සම්බාධක පැනවීම මගින් වෙනිසියුලාවට ඩොලර් බිලියන 11 ක ආදායමක් ද අහිමි වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර වෙනිසියුලාවේ විපක්ෂය විසින් ගෙන යන උද්ඝෝෂණ මාලාවද තවදුරටත් දැඩි කර තිබෙනවා. ඇමෙරිකාව ඇතුළු තවත් රාජ්‍යයන් විස්සක් පමණ මේ වන විට එරට විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝ එරට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පිළීගෙන තිබෙනවා. එහෙත් ජගත් සංවිධානය පවසන්නේ වෙනිසියුලා ජනාධිපතිවරයා ලෙස තමන් පිළිගන්නේ නිකලොස් මදුරෝ බවයි.
Post a Comment