
හැටන් බගවන්තලාව රොබ්ගිල් වතුයායේ වතු නිවාස පේලියක ගින්නක් හටගත්තා. ඉන් නිවාස 12ක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි බගවන්තලාව පොලිසිය සදහන් කළේ.
ගින්න හටගන්නා අවස්ථාවේ කිසිවෙකුත් එහි රැදී සිට නැහැ. පවුල් 12 කට අයත් සාමාජිකයන් හතලිස් දෙදෙනෙකු මේවන විට අවතැන්ව සිටිනවා. ඔවුන් වතුයායේ හින්දු කෝවිලක තාවකාලිකව නතර කිරිමටයි පියවර ගෙන තිබෙන්නේ. හැටන් දික්ඔය නගර සභාව සහ වතු කම්කරුවන් එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා.
Post a Comment